නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවෙයි

නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවෙයි

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනා ගෙන තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මෙම වෛරස ප්‍රභේදය හඳුනා ගෙන ඇත.

අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙම නව කොවිඩ් ප්‍රභේදය බරපතළ තත්වයක නොපවතින අතර සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම මට්ටමක පවතින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.