පැරිස් මාසයක් හුදෙකලා වෙයි

පැරිස් මාසයක් හුදෙකලා වෙයි
කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම නිසා පැරිස් නගරය මාසයක කාලයක් හුදෙකලා කිරීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
එම තීරණයට අනුව 19 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට තවත් කලාප 15ක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
 
මින් පෙරත් පැරිස් නුවර හුදෙකලා කිරීමට කටයුතු කර තිබූ අතර මෙවර හුදෙකලා කිරීම පෙර තත්ත්වය තරම් දැඩි නොවෙන බවයි අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් මහතා වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.