කුවේටයේ අඳිරි නීතිය තවත් දිගු වෙයි -මෙන්න අලුත්ම නිවේදනය

කුවේටයේ අඳිරි නීතිය තවත් දිගු වෙයි -මෙන්න අලුත්ම නිවේදනය
කුවේටය තුළ කොවිඩ් 19 ආසාදිතයින් ගණන ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කිරීම හේතුවෙන් මාස 02ක අර්ධ ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන අතර මෙම සතියෙන් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය අප්‍රේල් දක්වා දීර්ඝ කිරීමට මෙලෙස කටයුතු කර ඇත.
 
තවද ඇඳිරි නීතිය බලපැවත්වෙන වේලාවේ වෙනසක් සිදුකරමින් පැයක් අඩුකර තිබෙන අතර දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය  අප්‍රේල් 08 වෙනි දින සිට 22 දක්වා රාත්‍රී 07.00 ආරම්භ වී අළුයම 05.00ට අවසන් වෙයි. 
 
ශුද්ධ වූ රාමසාන් මාසය තුළත් මෙම ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර රාමසාන් සමයේදී අවන්හල්, ආපනශාලා තුළ බෙදා හැරීමේ සේවාවන් සඳහා රාත්‍රී 07.00 සිට අළුයම 03.00 දක්වා සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 
එමෙන්ම ප.ව 7.00 සිට ප.ව.10.00 දක්වා වූ කාලය තුල කණ්ඩායම් වශයෙන් එක් නොවී ශාරීරික සුවතා කිරීමට අවසර ලබාදී ඇති බවත් සඳහන්.