කොරෝන වසංගතය බ්‍රසීලය තව තවත් අසරණ කරයි -මරණ වාර්තාගත ලෙස ඉහළට

කොරෝන වසංගතය බ්‍රසීලය තව තවත් අසරණ කරයි -මරණ වාර්තාගත ලෙස ඉහළට

කොරෝනා වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වී ඇති රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලය තුළ ගෙවුණු මාර්තු මාසයේදී 60,000කට වැඩි වාර්තාගත මරණ  සිදුව  තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාර්තු මාසය තුළ පමණක් බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 66,570 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 31 වෙනිදා දින පමණක් නව කොරෝනා මරණ 3,800 වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබේ.

මේ වනවිට බ්‍රසීලයෙන් ආසාදිතයින් 12,753,258 ක් වන අතර මරණ සංඛ්‍යාව සටහන් වන්නේ, 321,886 ක් ලෙසයි.

දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයත්ම 213,687,606 ක ජනගහනයක් ජීවත් වන බ්‍රසීල සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහිමේ අවසන් මායිමට ළඟා වෙමින් ඇතැයි, විචාරකයෝ පවසති.