මාලදිවයින ගුවන්තොටේදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

මාලදිවයින ගුවන්තොටේදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානය අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
 
ගුවන් යානයේ භූම් මෙහෙයුම් ආධාරකය වාහනයක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබෙන අතර ඒ හේතුවෙන් යානයේ පිටුපස කොටසට (tail section stabilizer) හානි සිදුව ඇති බව සඳහන්.
 

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිටින ශ්‍රී ලන්කන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම විසින් හානියට පත්ව ඇති කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.