ඉන්දියාවේ කොවිඩ් අවදානම නේපාලයත් අසරණ කරන ලකුණු

ඉන්දියාවේ කොවිඩ් අවදානම නේපාලයත් අසරණ කරන ලකුණු
මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් ඇතිබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට පාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති අතර ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් 44% පමණ ආසාදිතයින් ලෙස වාර්තාවන බව පෙන්වා දෙයි.
 
ඉන්දීය දේශසීමාවට ආසන්න නේපාල නගරවල ආසාදිතයින් බහුල ලෙස වාර්තා වෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමේදී ගැටළු රැසකට මුහුණපා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
 
මේ වනවිට එරට එන්නත් ලබාදී ඇත්තේ සම්පූර්ණ ජනගහණයෙන් 1% ක් පමණි.
 
කෙසේ වෙතත් ඉදිරි කාලයේදී  නේපාලයත් කොවිඩ් හමුවේ අසරණ තත්ත්වයකට පත්විය හැකි බවයි පුවත් සේවා සඳහන් කරන්නේ.