‘දුප්පත් රටවල කොවිඩ් එන්නත් ඉවරයි’ – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

covid-vaccine

ගෝලීය බෙදාගැනීමේ ක්‍රමයක් හරහා කොවිඩ් -19 එන්නත ලබා ගන්නා දුප්පත් රටවල් විශාල සංඛ්‍යාවකට වැඩසටහන් දිගටම කරගෙන යාමට ප්‍රමාණවත් මාත්‍රාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය බෘෘස් අයිල්වර්ඩ් පැවසුවේ කොවාක්ස් වැඩසටහන රටවල් 131කට මාත්‍රා මිලියන 90ක් ලබා දී ඇති නමුත් ලොව පුරා පැතිර ඇති වෛරසයකින් ජනගහනය ආරක්ෂා කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවයි.

අප්‍රිකාවේ සමහර ජාතීන් තුන්වන ආසාදන රැල්ලක් දකින බැවින් එන්නත් හිඟය බරපතළ ගැටලු ඇති කරයි.

ධනවල් රටවල් විසින් ආත්මාර්ථකාමී ලෙස කොවිඩ් එන්නත් රැස් කිරීම හෙළා දුටු දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා එම ක්‍රියාව වහාම නතර කරන ලෙස අදාළ රටවලින් ඉල්ලා සිටියේය.

When Will the COVID-19 Vaccine Be Available for Kids, and Will It Be Safe  for Your Family? | Connecticut Children's

මහාද්වීපික මට්ටමින් අප්‍රිකාවේ මේ දක්වා ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රාව මිලියන 40 ක් පමණි. එය අප්‍රිකානු ජනගහනයෙන් 2% කටත් වඩා අඩු බව රමෆෝසා මහතා පැවසීය.

මේ අභියෝගයට සඳහා විසඳුම් සෙවීම සඳහා දකුණු අප්‍රිකාවේ එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීම සඳහා තම රජය කොවැක්ස් සමඟ කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

ධනවත් රටවල් දුප්පත් ජාතීන් සඳහා පිරිවැය සහනාධාර ලබා දෙමින් ලොව පුරා කෝවිඩ් -19 එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා ‘Covax‘ ව්‍යාපෘතිය පසුගිය වසරේදී නිර්මාණය කරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් මෙහෙයවනු ලබන කොවැක්ස් 2021 අවසන් වන විට ලොව පුරා මාත්‍රාවන් බිලියන දෙකක් ලබා දීමේ ඉලක්කය තබා තිබුණි. ඒවායින් බොහොමයක් දුප්පත් රටවලට පරිත්‍යාග කරනු ලබන අතර, අවම වශයෙන් 20% ක ජනගහනයක් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් බෙදා හැරීමට කොවාක්ස් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළට එන්නත් නිෂ්පාදන ප්‍රමාදයන් සහ සැපයුම් කඩාකප්පල් කිරීම් ප්‍රබල බාධාවක් වී ඇති අතර එය කොවාක්ස් මත සම්පූර්ණයෙන්ම රඳා පවතින රටවල එන්නත් හිඟයට හේතු වී ඇත.

 සෞඛ්‍ය සේවකයෙකුට දකුණු අප්‍රිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මාත්‍රාවක් ලැබේ

උගන්ඩාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යනු මෑත දිනවල එන්නත් අවසන් වී ඇති බවට වාර්තා වූ රටවල් කිහිපයකි.

සෞඛ්‍ය සේවකයෙකුට දකුණු අප්‍රිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මාත්‍රාවක් ලැබේ.

සමහර රටවල් කොවිඩ් -19 හි තුන්වන රැල්ල සමඟ පොරබදමින් සිටිති.

පසුගිය සඳුදා (21) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාකච්ඡාවකදී ආචාර්ය අයිල්වර්ඩ් එම අඩුපාඩු තරයේම පිළිගෙන තිබේ.

කොවාක්ස් හා සම්බන්ධ අඩු ආදායම්ලාභී රටවල් 80න් “අවම වශයෙන් අඩක්වත් මේ වන විටත් ඔවුන්ගේ වැඩසටහන් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් තරම් එන්නත් නොමැත” යැයි වෛද්‍ය අයිල්වර්ඩ් පැවසීය.

“කොවැක්ස් හා සම්බන්ධ වී සිටින රටවල් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අතිරේක එන්නත ඉල්ලා සිටිනවා. නමුත් යථාර්ථයේ දී එය බොහෝ සෙයින් වැඩි ය” වෛද්‍ය අයිල්වර්ඩ් පැවසීය.

එන්නත් සඳහා වෙළඳපළ වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවීම වැනි පියවර සමඟ හිඟය අවසන් කිරීම සඳහා විකල්ප විධිවිධාන යෙදීමට සමහර රටවල් උත්සාහ කර ඇති බව ඔහු පැවසීය.

‘‘එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. එයින් දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකියි‘‘

ගෝලීය වශයෙන් මේ වන විට එන්නත්කරණය සිදුව ඇති ආකාරය

එන්නත් සැපයීම දැඩි පීඩනයකට ලක්ව ඇති හෙයින්, අමතර මාත්‍රාවක් ඇති සමහර ධනවත් රටවල් කෝවාක්ස් සහ වෙනත් ක්‍රම මගින් පරිත්‍යාග වේගවත් කිරීමට උත්සාහ දරති.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ පරිපාලනය ඊයේ (21) නිවේදනය කළේ එන්නත් මාත්‍රාව මිලියන 55ක් අවශ්‍යතා ඇති රටවලට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවයි. එයින් මිලියන 41 ක් කොවාක්ස් හරහා බෙදා හරිනු ඇති අතර ඉතිරි මිලියන 14 රටවල් සමඟ බෙදා ගැනේ.

මේවා එන්නත් මිලියන 500ක් සැපයීමේ සැලසුමට ඇතුළත් නොවන බව ජනාධිපති බිඩන් පැවසුවේය. ජනාධිපති බිඩෙන් මේ මස මුලදී ජී 7 සමුළුවේදී මෙම පොරොන්දුව ලබා දුන්නේය.

ජී 7 සාමාජිකයින් මේ වසර තුළ දුප්පත් රටවලට එන්නත් බිලියනයක් පරිත්‍යාග කිරීමට සූදානමින් සිටී.

‘‘එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ‘‘ යැයි පවසමින් උද්ඝෝෂකයෝ එම පොරොන්දුව විවේචනය කළහ.

එන්නත් සඳහා ගෝලීය අවශ්‍යතාවය ගැන විමසූ විට ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පැවසුවේ “අපට ඇති ලොකුම අභියෝගය වන්නේ එන්නත් සැපයුම නොවෙයි., ලෝකය සමඟ බෙදා ගැනීමට අපට ඕනෑ තරම් මාත්‍රාවන් තිබෙනවා. අභියෝගය වන්නේ ඒවා සැපයුමයි‘‘

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ