කොරෝන වසංගතය බ්‍රසීලය තව තවත් අසරණ කරයි -මරණ වාර්තාගත ලෙස ඉහළට

කොරෝන වසංගතය බ්‍රසීලය තව තවත් අසරණ කරයි -මරණ වාර්තාගත ලෙස ඉහළට

ලොව වැඩිම කොරෝනා මරණ අතින දෙවැනි ස්ථානයේ පසු වූ බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ.

දෛනිකව එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙදහසකට අධිකයි.‍

වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා එරට ජනාධිපති ජයීර් බොල්සොනාරෝ නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් එහි ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වේ.

මුව ආවරණ පැළඳීම හෝ සමාජ දුරස්භාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණු සේ නොසළකන බව ජනාධිපතිවරයා පසුගිය කාලයේ ප්‍රකාශ කළේ ය.

දෛනිකව බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද, අසූ දහසකට අධික ය.

බ්‍රසීලයෙන් හඳුනා ගැණුනු කොරෝනා ප්‍රභේදය, ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වනු ලැබවේ ගැමා ලෙසයි.

ඉදිරි සීත සෘතුවේදී ආසාදිතයින් වාර්තා වීම තවත් ඉහළ යා හැකි බවට එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

මේ වන විට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇත්තේ ද එරට වැඩිහිටි ජනගහනයෙන් 15% කට පමණයි.

දේශපාලන හේතූන් මත ජනාධිපතිවරයා එන්නත් මිලදී ගැනීම ප්‍රමාද කරන බවට විපක්ෂය චෝදනා කරයි.