කොවිඩ් එන්නත් ගැන අලුත් හෙළිදරව්වක්

කොවිඩ් එන්නත් ගැන අලුත් හෙළිදරව්වක්

ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගතහොත් කොරෝනා වෛරසය වැලඳීමට සහ රෝහල්ගත වීමට සිදුවන අවස්ථාවන් 75%කින් පමණ අඩුවන බව එංගලන්ත විශේෂඥයින් නිකුත්කළ දත්ත අනුව සඳහන් වේ. 

මේ අතර එංගලන්තයේ සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වනදා වන විට කළ හැකි වෙතැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.

මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය විසින් ඒ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.