බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් දික්වෙයි

බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් දික්වෙයි
බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් ප්‍රමාද කිරීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග එම තීරණය ගෙන ඇති බවය.
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, කොරෝනා සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ වැඩි පිරිසකට එන්නත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.
 
මේ වනවිට එරට ජනගහනයෙන් 44.6% ක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණය අවසන් කර තිබේ.
 
ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් දාහතර දහසකට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇත.
 
ලබන 21 වැනි දා සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
 

කෙසේ වෙතත් නව තීරණය අනුව ජූලි 19 වැනි දා සිට කොරෝනා සීමා ඉවත් කෙරෙනු ඇති.