ඩොලර් හිඟයෙන්, ලෙබනන ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක්

ඩොලර් හිඟයෙන්, ලෙබනන ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක්

පවතින ඩොලර් හිඟය හමුවේ ලෙබනනය දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මාස 18ක කාලයක් තිස්සේ ලෙබනන තුළ පැවැති විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා, වෙළඳසැල් ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් රැසක් ඇණහිට ඇති බවය.

බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීම හේතුවෙන්, ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර 02ක් ඊයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ , දිනකට පැය දෙකක කාලයක් පමණක් බොහෝ ප්‍රදේශවලට විදුලිය සැපයෙන බවයි.

රටේ විදුලි අවශ්‍යතා‍වයෙන් 40% ක් පමණ සපයන විශාලතම විදුලි බලාගාර දෙකක් මෙලෙස වසා දමා ඇති බව සඳහන් ය.

මේ හේතුවෙන් බේරුට් ගුවන්තොටුපොලේ විදුලිය ඇණහිට ඇති අතර රටේ ප්‍රධාන මධ්‍යස්ථාන රැසක කටයුතුවලට විදුලිය නොමැති වීමෙන් දැඩි බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , පවතින තත්වය හමුවේ බේරුට් ඇතුළු ප්‍රධාන නගර රැසක වෙළඳසැල්වලින් 80ක්% පමණ වසා දමා ඇති බවයි.

රට තුළ දැවැන්ත ඖෂධ හිඟයක් පවතින බව ද එම වාර්තා පෙන්වා දෙයි.