කොවිඩ් නිසා ජපානයේ පනවා තිබූ හදිසි තත්ත්වය ඉවතට

කොවිඩ් නිසා ජපානයේ පනවා තිබූ හදිසි තත්ත්වය ඉවතට

ජපානයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අඩුවීමට පටන්ගෙන ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව යමින්, ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර තිබේ.

ජපානයේ හදිසි තත්ත්වය පසුගිය මාස 6 පුරාවට බලපැවැත්විණි. ආසාදිතයන් අඩුවීමත් සමඟ සෞඛ්‍ය නිර්දේශ මත ලොක්ඩවුන් කළ නගර සහ පළාත් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදේ සූගා ජනතාව අමතමින් පවසා ඇත.

මේ වනවිට ජපානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 1.69 කි. 'කොවිඩ් 19' ආසාදනය වී සිදුවුණු මරණ 17,500 ඉක්මවයි.