නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට

නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට

භාෂණයේ නිදහස සුරැකීම වෙනුවෙන් සිදුකළ අරගල හේතුවෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකු හට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ.

මෙලෙස මෙම ත්‍යාගය හිමිවී ඇත්තේ පිළිවෙලින් පිලිපීනයේ හා රුසියාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන මරියා රේසා හා දිමිත්‍රි මුරාටොව් ය.

ඔවුන්ට ස්විඩ්න් ක්‍රෝනා මිලියන 10ක (ඇ. ඩොලර් මිලියන 1.1ක්) ත්‍යාග මුදලක් ද හිමිවේ.

මරියා රේසා වනු Rappler නම් පුවත් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරිය වන අතර, දිමිත්‍රි යනු රුසියාවේ ස්වාධීන පුවත්පතක් වන Novaya Gazeta හි සම නිර්මාතෘවරයා වේ.