ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොවිඩ් නිදහස සමරයි

 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොවිඩ් නිදහස  සමරයි

කොරෝනා වසංගතයේ හේතුවෙන් ලොව දීර්ඝතම  අගුළු දැමීමට ලක් වූ නගරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර  පින 262 කට පසුව  ඊයේ (22) දිනයේ යළි විවෘත කිරීමට එරට  රාජ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

එම තීරණයත් සමඟම ඊයේ දිනයේ දී මෙල්බන් හි වැසියන් අලුයම් කාලයේ සිට අවන්හල්,  බාබර් සාප්පු, වෙළඳ සංකීර්ණ වෙත පැමිණෙමින් තිබූ අතරම මහා මාර්ග වල ද වැඩි පිරිසක් දක්නට ලැබුණු බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙල්බන් නුවර  අවස්ථා  හයක දී වසා දැමුණු අතර  එම කාලය ගණනය කළ හොත් ලොව දීර්ඝතම කොරෝනා නිරෝධායනය සමය  ක්‍රියාත්මක වූ නගරය ලෙස වාර්තා වෙයි.

ඊට පෙර ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්  නුවර අඛණ්ඩව දින 234 කොරෝනා නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක වූ නගරයේ ලෙස වාර්තා වූ  අතර පසුගියදා එම සීමාව ද පසුකරමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්  නුවර වාර්තා අතරට එක් විය.

 මෙලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර  වන මෙල්බන් නුවර විවෘත වන්නේ ඕස්ට්‍රේලියානු වැඩිහිටි ජනගහනයෙන් 70%  පමණ පිරිසකට කොරෝනා එන්නත්කරණය  සිදු කිරීමෙන් අනතුරුව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.