කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රියාව අඟුළු දමයි

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රියාව අඟුළු දමයි
ඔස්ට්‍රියාව එන්නත් නොකළ අයට අගුළු දැමීමෙන් දින කිහිපයකට පසු, එය ලබන සඳුදා(22) සිට සම්පූර්ණ ලෙස රටපුරා අගුළු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ.
 
ඔස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඔස්ට්‍රියානු චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් පැවසුවේ මෙම අගුළු දැමීම උපරිම වශයෙන් දින 20 ක් පවතිනු ඇති බවය.  2022 පෙබරවාරි 01වනදා සිට එන්නත් කිරීමට නීතිමය අවශ්‍යතාවයක්වන බවට ද ප්‍රකාශ කර තිබේ. “අපට පස්වන රැල්ලක් අවශ්‍ය නැත,” යනුවෙන් ද චාන්සලර්වරයා, ඔස්ට්‍රියාවේ පළාත් නවයේ ආණ්ඩුකාරවරුන් රටේ බටහිර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක හමුවීමෙන් පසු පවසා ඇත. 
 
මෙය මෙම ශීත ඍතුවේ යුරෝපා සංගමයේ රටක් විසින් පනවන ලද පළමු සම්පූර්ණ අගුළු දැමීම ද වේ. 
 

මෙම පියවර යටතේ ඔස්ට්‍රියානුවන් නිවසේ සිට වැඩ කරන ලෙස ඉල්ලීමක් ද කර තිබේ. එසේම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල් වසා දැමෙනු ඇත.