චීන ව්‍යාපෘතියකට එරෙහිව පකිස්තානයේ ළමා විරෝධතාවයක්

චීන ව්‍යාපෘතියකට එරෙහිව පකිස්තානයේ ළමා විරෝධතාවයක්

පකිස්තානයේ ග්වාඩර්හි ළමුන් සිය ගණනක් විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.

ඒ චීන ආධාර යටතේ ක්‍රියාත්මක ග්වාඩර් පෝට් සිටි ව්‍යාපෘතිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට එහි වැසියන් ආරම්භ කර ඇති විරෝධතාවයට සහය පළකිරීම සදහායි.

දැනට සතියක පමණ කාලයක් ග්වාඩර්හි වැසියන් පිරිසක් වරාය නගරයේ වාඩිලාගෙන සිය මූලික අවශ්‍යතා ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ ඊට සහය පළකිරීම සදහා ළමුන් සිය ගණනක් නගරයේ වීදී ඔස්සේ පැමිණ විරෝධතා පෙළපාලියක නිරත වූ බවයි.

ග්වාඩර් වරාය චීන ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට ජලය, රැකියා ඇතුළු අංශ ගණනාවක ගැටලුවලට මුහුණදීමට සිදුව ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

චාපා කල්පනී (news19)