කාම්බෝජයේ බලහත්කාරයෙන් වහල් වැඩ ගත් තායි ජාතිකයන් රැසක් බේරාගැනේ

කාම්බෝජයේ බලහත්කාරයෙන් වහල් වැඩ ගත් තායි ජාතිකයන් රැසක් බේරාගැනේ
තායිලන්තයේ මිනිස් ජාවාරම් මැඩලන පොලිස් කාර්ය සාධක බලකාය, කාම්බෝජ බලධාරීන් සහ නොම් පෙන් හි තායි තානාපති කාර්යාලය එක්ව සිදුකළ මෙහෙයුමකදී වහල් තත්වයන් යටතේ සේවය කිරීමට බලකෙරුණු තායිලන්ත ජාතිකයින් පිරිසක් බේරාගැනුණි. මේ අතර මිනිස් ජාවාරම් කිරීමේ චෝදනාව මත තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවටද ගෙන ඇත.
 
මෙම මෙහෙයුමට එක් වූ කාම්බෝජ සහකාර පොලිස් ප්රධානී හක්පන් පැවසුවේ නොම් පෙන් හි ගොඩනැගිල්ලක් තුළ තායිලන්ත ජාතිකයන් 300 ක් පමණ සේවය කරන බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණු බවය. පසුව මෙම නිලධාරීන් විසින් නොම් පෙන් හි පිහිටි ගොඩනැගිල්ල වටලා, එහි සේවයට රැගෙන ආ බව කියන තායිලන්ත ජාතිකයන් නව දෙනෙකු සහ මෙම මිනිස් ජාවාරම මෙහෙය වූ බව කියන චීන ජාතිකයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 

සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර ඊට සම්බන්ධ වූ තවත් අය අත්අඩංගුවට ගැනීමට අමතර සාක්ෂි එකතු කරමින් පවතින බවත් කාම්බෝජ නිලධාරීහු පවසති.