ලොව ජීවත්වීමට ඉහළම වියදමක් යන ඊශ්‍රායලයේ ටෙල්අවිවු

ලොව ජීවත්වීමට ඉහළම වියදමක් යන ඊශ්‍රායලයේ ටෙල්අවිවු

ලොව ජීවත්වීම සදහා ඉහළම වියදමක් දැරිය යුතු නගරය පිළිබද තොරතුරු හෙළි කර තිබෙනවා.

2021 වසරේ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් නමැති ලොව ජීවන වියදම් දර්ශකය මගින් නිකුත් කළ වාර්තාවෙන් දක්වන පරිදි ලොව ජීවත්වීමට වැඩිම මුදලක් වැය වන රට ලෙස හදුන්වා දී ඇත්තේ ඊශ්‍රායලයේ ටෙල්අවිවු නගරයයි. එහි දෙවන ස්ථානය සම සමව ප්‍රංශයේ පැරිස් නගරයට සහ සිංගප්පූරුවට හිමිව තිබෙනවා. සිව්වන ස්ථානය හිමිව ඇත්තේ ස්විට්සර්ලන්තයේ සූරික් නගරයටයි. එක් එක් නගරවල භාණ්ඩ හා සේවා සදහා වැය වන මුදල මත අදාළ දර්ශකයේ මෙම නගර ශ්‍රේණිගත කර තිබෙනවා.