යුක්ක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

යුක්ක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරි දින 30 ක කාලය සඳහා මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
 
ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාව මේ වන විටත් යුක්රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමට සැළසුම් සකස් කර අවසන් බවත් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් ද රුසියාව ,යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු කර  තිබෙන බවයි.
 

රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනය හරහා ඉදිරියට ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.