දකුණු කොරියාවට නව ජනපතිවරයෙක්

දකුණු කොරියාවට නව ජනපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කර ඇත.

ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් සහ යූන් සුක් යියොල් අතරේය. එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ සියයට 1 ක ප්‍රතිශතයක් ලෙසය.

අවසානයේ ජයග්‍රාහකයා බවට පත් වූයේ යූන් සුක් යියොල් ය. ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.