ජීවිත රැසකට දිවි අහිමිවූ පාපන්දු තරඟය

ජීවිත රැසකට දිවි අහිමිවූ පාපන්දු තරඟය

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකදී පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. 

මියගිය අය අතර දෙදෙනෙක් පොලිස් නිලධාරීන් වන අතර අනෙක් පිරිස් මෙම තරඟාවලිය නැරඹීම සඳහා එක්වූ අය බවත් සඳහන්.

Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර පසුව පොලිස් නිලධාරීන් විසින් ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාර සමඟ පුද්ගලයින් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිහිසුන්ව ඇඳ වැටී තිබෙන අතර ඒ සමගම ඇතිවූ තදබදය නිසා විශාල පිරිසක් මරණය ට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.