ටුවිටර් සේවක කප්පාදුවකට සැරසෙයි

ටුවිටර් සේවක කප්පාදුවකට සැරසෙයි

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් සමග සේවක කප්පාදුව පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා.

තම රැකියා අහිමි වී ඇතැයි විශ්වාස කරන බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් අන්තර් ජාලය හාරහා නිවේදන නිකුක් කර තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදීගැනීමෙන් පසුව තීරණ රැසකට එළඹුනා.

එයින් එක් තීරණයක් වන්නේ සේවක කප්පාදුවයි. මෙම සේවක කප්පාදුව ට්විටර් සමාගමේ යහපත සහ මුදල් ඉතිරි කිරීමේ උත්සහයක් ලෙස එම තීරණයට එළඹී බව එම සමාගම නිවේදනය කළා.

සේවකයින් තවමත් සේවයේ යෙදී සිටින්නේද යන්න පිළිබඳව තොරතුරු සමාගම විසින් එම සේවකයින් දැනුවත් කරන බවයි, සමාගම නිවේදනය කළේ.

කාර්ය මණ්ඩලයට රැකියා අහිමිවී ඇත්දැයි දැන ගන්නා තෙක් ට්විටර් ගොඩනැගිල්ලට ඇතුළුවිමට නොහැකි වන පරිදි එහි කාර්යාල තාවකාලිකව වසා තබන බව සමාගම වැඩිදුරත් සඳහන් කළා. ට්විටර් සමාගමේ සේවක පිරිසෙන් භාගයක් එනම් 8,000 ක් පමණ සාමාජිකයින් රැකියා අහිමි වන බවයි, විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.