යුක්රේනයේ වැසියන් ජලය ඉල්ලා අරගලයක

යුක්රේනයේ වැසියන් ජලය ඉල්ලා අරගලයක

අද වනවිට යුක්රේනයේ කිව් අගනුවර වැසියන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විශේෂයෙන් මෙම තත්ත්වය ඇතිවීමට මූලිකවම හේතුවී ඇත්තේ රුසියාව විසින් යුක්රේනයේ ජල හා විදුලිබල මූලාශ්‍රවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කිරීම බවයි පුවත් සේවා පෙන්වා දෙන්නේ.

දිගින් දිගටම එල්ලවූ මිසයිල ප්‍රහාර හේතුවෙන් කිව් අගනුවර නල මාර්ග හරහා ජලය පාරිභෝජනය කරන පිරිසෙන් සියයට 40 කට පමණ මේවනවිට ජල සැපයුම විසන්ධි වී ඇති අතර ඔවුන් පානීය ජය ඉල්ලා මේවනවිට බෝතල් රැගෙන ජලය ලබාදෙන තුරු පෝළිම්වල රැඳී සිටින බවත් සඳහන්.

මේ අතර විදුලි බලාගාර ඉලක්ක කර රුසියාව එල්ල කර ඇති මිසයිල ප්‍රහාර හමුවේ කිව් අගනුවර නිවාස දෙලක්ෂ 70,000 ක පමණ විදුලි සැපයුම ඇණහිට ඇති අතර ඉතා අසීරු කාල පරිච්ඡේදයක් තුල ඔවුන් ජීවත් වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.