ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ජපානයෙන්

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ජපානයෙන්

ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වනවා. සංඛ්‍යාව 78,577ක්.

එම කාලසීමාව තුළ එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව සියයක්. ජපානයේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ වැටි ඇති බවයි, එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එරට මුළු ජනගහනයෙන්, මේ වන විට සියයට 81.9 ක ප්‍රමාණයකට පූර්ණ එන්නත් ලබා දී අවසන්. කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි තිස්ලක්ෂයකට අධිකයි.