ෆේස්බුක් සමාගමෙන් සේවකයින් 11000ක් දොට්ට!

ෆේස්බුක් සමාගමෙන් සේවකයින් 11000ක් දොට්ට!
ෆේස්බුක් සමාජ සේවා මාධ්‍ය අයිති මෙටා සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදු කරමින් සිටින බව මාර්ක් සකර් බර්ග් නිවේදනය කර ඇත. 
 
මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර් බර්ග් අවධාරණය කර ඇත්තේ, සමාගමේ ආදායම් දැඩි ලෙස පහත වැටීම හේතුවෙන්, 11,000 කට අධික සේවක සංඛ්‍යාවක් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. 
 
මෙටා සමාගම ආරම්භයේ සිට මේ දක්වා ඉතාම දුෂ්කර වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවත්, ඒ අනුව, එහි සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 13 ක්, එනම් සේවකයින් 11,000 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට තමා තීරණය කළ බවත්, ඔහු පෙන්වා දී තිබේ.
 
එසේම අභිමත වියදම් කපා හැරීමටත්, නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමටත්, තීරණය කර ඇතැයි සමාගම නිවේදනය කර ඇත.
 

ඉවත් කෙරෙන සේවකයින් සඳහා සති 16 ක මූලික වැටුප් ගෙවීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් මාස 06 ක් දක්වා සමාගම අදාළ වගකීම් දරණු ඇති බවත් වාර්තා වේ.