ඇමරිකාවෙන් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පැනවෙයි

ඇමරිකාවෙන් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පැනවෙයි
අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
අදවනවිට චීනයෙන් වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් ඇමරිකාව මෙම තීරණය ගෙන තිබෙන අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනයේ කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා  නොවීමත් ගැටළුවක්ව පවතින බවයි.
 
කෙසේ නමුත් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් පවතින කාලයක් තුළ චීනය විසින් කොවිඩ් සීමා ලිහිල් කරමින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබාදී තිබිමද ගැටළුවක් වී තිබේ.
 

එම හේතුවෙන් අදවනවිට රටවල් රැසක් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවා තිබෙන අතර  එහිදී   ඇමරිකාව මෙන්ම ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.