තුර් කියේ භූමිකම්පාවෙන් සියයකට අධික පිරිසක් මරුට

තුර් කියේ භූමිකම්පාවෙන් සියයකට අධික පිරිසක් මරුට

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙ අතර, බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර විශාල සුන්බුන් ගොඩවල්වල තවත් බොහෝ පිරිසක් සිරවී ඇතැයි ද වාර්තා කරයි.

තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 80 පමණ සොයාගෙන ඇති අතර, මෙහෙයුම් ඉතා සීඝ්‍රෙයන් සිදුකරන අතර, මරණ සංඛ්‍යාව ඉතා ඉහල අගයක් ගනු ඇතැයි විශ්වාස කරයි.