අලුත් විශ්‍රාම වැටුප් නීතියට එරෙහි ප්‍රංශ විරෝධතා තීරණාත්මකයි!

  අලුත් විශ්‍රාම වැටුප් නීතියට එරෙහි ප්‍රංශ විරෝධතා තීරණාත්මකයි!
නව විශ්‍රාම වැටුප් නීතියට එරෙහිව සති ගණනාවක් පුරා පැවති විරෝධතා අවසන් කිරීමේ අපේක්ෂාවෙන් ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් විපක්ෂ නායකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින්  හමුවීමට සැලසුම් කර ඇති බව ඇගේ කාර්යාලය විසින් ඊයේ (26) නිවේදනය කර තිබේ. 
 
විශ්‍රාම යන වයස තවත් අවුරුදු දෙකකින් ඉහළ දැමීමට යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩකාරී වූයේ ප්‍රංශ ආණ්ඩුව  අවසන් පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව මේ මාසයේ නීති සම්පාදනය කිරීමෙන් පසුව බැව් විදෙස් පුවත් උපුටා දක්වයි.
 
පනත සඳහා ප්‍රමාණවත් ඡන්ද සොයා ගැනීමට රජය අපොහොසත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ නැවුම් සහයෝගය සොයා ගැනීම ඔහුගේ අගමැතිවරයාට පැවරී ඇති අතර, නීති සම්පාදනය අවලංගු කිරීම හෝ ප්‍රමාද කිරීම ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
 
බෝර්න් දේශපාලන පක්ෂ නායකයින් හමුවනු ඇති අතර කම්කරු ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සංවාදය නැවත ආරම්භ කිරීම ද අරමුණු කර ඇති බවත්, එහි  විශ්‍රාම වැටුප් පනත පිළිබඳ විශේෂ කොට දක්වා නැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
 
විපක්ෂය සහ වෘත්තීය සමිති නායකයින් සමඟ රැස්වීම් අප්‍රේල් 3 වැනිදායින් ආරම්භ වන සතිය තුළ පැවැත්වෙනු ඇති බව AFP සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
 
අයවැය පනත් කෙටුම්පත් හැර නැවත ඡන්දයකින් තොරව නීති සම්පාදනය කිරීමට ව්‍යවස්ථාමය බලතල භාවිතා නොකරන බවට ආණ්ඩුව  ප්‍රතිඥා දුන් බවද,  නිවේදනය කර ඇත.
 
විශ්‍රාම වැටුප් අර්බුදය යටතේ පැහැදිලි බෙදීමක් නිර්මාණය කිරීමට ආණ්ඩුව විසින් දරණ  ප්‍රයත්නය, ප්‍රතිසංස්කරණයට සතුරු බහුතර මහජනතාව සහ අවසාන ඡන්දයකින් තොරව නීති සම්පාදනය කිරීමෙන් කෝපයට පත් පෙළපාලිකරුවන් සන්සුන් කරයිද යන්න විශ්වාසයක් නැති බව කියැවෙයි.
 
CFDT සංගමයේ ප්‍රධානී ලෝරන්ට් බර්ගර් පසුගිය සතියේ යෝජනා කර ඇත්තේ මැක්‍රොන්ට හැකි සම්මුතියක් සෙවීම සඳහා මාස හයකට නීතිය පසෙකට තල්ලු කර තිබිය යුතු බවයි.
 
රොයිටර් ඇසුරිනි.