ලොව පුරා කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා යයි

ලොව පුරා කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා යයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 3,001,621ක් සිදුව ඇති බවයි.

කොවිඩ් ආසාදනයවීමෙන් සිදුවූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 578,993කි.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 365,954කි.

කොවිඩ් මරණ වැඩිම වාර්තා වන තුන්වන රට මෙක්සිකෝව වන අතර, එම සංඛ්‍යාව 211,213කි.

වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 32,224,139කි.

ඉන්දියාවෙන් ආසාදිතයින් 13,291,917ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් 13,758,093ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 174,335කි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image