මියන්මාර් හමුදා ජුන්ටාව වෘත්තීය සමිති නායිකාවක් සිරගත කරයි

මියන්මාර් හමුදා ජුන්ටාව වෘත්තීය සමිති නායිකාවක් සිරගත කරයි

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයේ  ප්‍රධාන නායිකාවක් වූ “ඩෝ මයේ අයෙ“ වෘත්තීය සමිති කාර්යාලයේ සිටියදී හමුදා භටයන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් සිරගත කොට ඇත.

මේ පිළිබඳව මියන්මාරයේ සහෝදරත්ව වෘත්තිය සංගමයේ (STUM) නිලධාරියෙක් මෙම අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ කරමින් කියා සිටියේ ' අපට අපේ මහා කුලුන අහිමි වුවා' ය  කියාය.

මියන්මාරයේ හමුදා පානය විසින් මේ අන්දමින් ජනතා නායකයින් සිරගතකරමින් සිටින අතර, සියගණනක් උද්ඝෝෂණයේ යෙදෙන්නන් ඝාතනය කර ඇත.