දිල්ලි නගරය සතියකට ලොක්ඩවුන්

දිල්ලි නගරය සතියකට ලොක්ඩවුන්
ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
පසුගිය දින කිහිපය පුරාවට එහි කොවිඩ් ආසාදිතයින් විශාල වශයෙන් හමුවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය ලක්ව ඇති බලපෑම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙන අතර  කෙසේ වෙතත්, රජයේ කාර්යාල, රෝහල්, ඖෂධ අලෙවිසල් සහ කඩ සාප්පු ආදී අත්‍යවශ්‍ය ආයතන ලොක්ඩවුන් කාල සීමාවේ විවෘතව තැබෙනු ඇති බව සඳහන්.
 
ඊයේ (19) දිනයේ සිට එලෙස දිල්ලි නගරයට අඟුළු දැමෙන අතර ඉදිරි සතියක කාලයකට එම තීරණය වලංගු වෙයි.
 
පසුගිය සති අන්තයේදී දිල්ලි නගරය තුළ ඇඳිරිනීතිය පනවා තිබුණු නමුත් 18 වෙනි දිනත් එරටින් කොරෝනා ආසාදිතයින් 24,462ක් වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
 

මේ සියළු කාරණා සලකා බලමින් නැවත වරක් දිල්ලි නගරය ලොක් ඩවුන් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන්  මෙලෙස තීරණය කර ඇත.