තත්ත්පර 30න් Covid-19 ප්‍රතිඵල දෙන නව තාක්ෂණයක්

තත්ත්පර 30න් Covid-19 ප්‍රතිඵල දෙන නව තාක්ෂණයක්

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්ෂ මහත්මිය විසින් නායකත්වය දුන් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.

‘‘දැන් අපිට PCR පරීක්ෂණයක් කළහොත් එහි ප්‍රතිඵල එන්න දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. අපේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගත් නව ක්‍රමවේදය අනුව අපිට තත්ත්පර 30කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ. මේක විශිෂ්ඨ සොයා ගැනීමක් බවට සැකයක් නැහැ. ඒ වගේම මෙම නව ක්‍රමවේදය මේ වසර තුළ භාවිතයට ගැනීමට හැකිවන බව අපට විශ්වාසයි‘‘