රාත්‍රී 7.00 ට ආරම්භ වී අලුයම 5.00 ට අවසන් වන අර්ධ ඇඳිරි නීතිය අප්‍රේල් 07 සිට අප්‍රේල් 22 දක්වා පවතින බවයි කුවේට් රජය අප්‍රේල් මස මුලදී ප්‍රකාශයට පත්කර තිබුණේ.
COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා පැය 10 ක ඇඳිරි නීතිය පැනවීමට කුවේටය අපේක්ෂා කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ සිට කුවේටය තුළ කොවිඩ් දෙවන රැල්ලක් සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමිනි.
මාර්තු මාසයේ 07 වෙනි දින සිට පැය 12ක අර්ධ ඇඳිරි නීති කාලයක් ප්‍රකාශයට පත්කළ අතර සති කිහිපයකට පසුව එම පැය ගණන අඩු කරන ලදී.
කෙසේ වෙතත් නවතම කැබිනට් තීරණයට අනුව ඇඳිරි නීතිය රාමසාන් මාසය අවසන්වනතෙක් දිගටම ක්‍රියාත්මක අතර ඇදිරි නීතිය පවතින කාලය තුල පෙර තිබූ නීති රීති එලෙසම ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන්.
