දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයෙක්

දින 50 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයෙක්

දින 50 කට පසු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අයෙකු අද අලුයම 02 ට පමණ මෙලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු පර්ත් නගරයේ හෝටලයක සති 02 ක් නිරෝධායනයේද නිරතවී ඇති අතර ඔහුට යාබද කාමරයේ සිටි පුද්ගලයාට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය බදාදා පර්ත් සිට මෙල්බර්න් පැමිණි ගුවන් යානයේ සිටි සියල්ලන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ සඳහන් කළේ.