රුසියාවේ ගල් අඟුරු ආකරයක සිදුවූ අනතුරකින් සේවකයින් 52ක් මරුට

රුසියාවේ ගල් අඟුරු ආකරයක සිදුවූ අනතුරකින් සේවකයින් 52ක් මරුට

රුසියාවේ මෙම දශකයේදී මෙතෙක් වාර්තා වී ඇති බිහිසුණුම ගල් අඟුරු ආකර අනතුර වාර්තා වී තිබේ.

සයිබීරියාවේ පිහිටි එම ගල් අඟුරු ආකරයේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 52ක් මරණයට පත්වී ඇතැයි වාර්තා වුණි.

මෙම සිද්ධිය ආරම්භ වී ඇත්තේ ගල් අඟුරු කුඩු ගිනි ඇවිලීමෙනි. ඒ හේතුවෙන් ආකරය දුමෙන් පිරීමෙන් 11 දෙනෙක් ආරම්භයේදී මියගොස් තිබේ.

රාත්‍රිය වනවිට අතුරුදන්ව සිටි ගල් අඟුරු ආකරයේ සේවකයින් සොයා මෙහෙයුමක් ඇරඹුවද ඊට එක්වූ කිහිපදෙනෙක්ද හුස්ම හිරවී මියගොස් තිබුණි.

එම ආකරයේ 285 දෙනෙක් සේවයේ යෙදී සිටි බවත් ඉන් බහුතරයකට ජීවිතය බේරාගැනීමට සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

49 දෙනෙක් රෝහල්ගත කර ඇති බවත් වාර්තා විය.