චීන රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස 65ක්

චීන රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස 65ක්

චීනයේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස්සීමාව 65 දක්වා ඉහළ දැමීමට එරට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

විශ්‍රාම වැටුප් සඳහා වැය වන අධික රාජ්‍ය වියදම් පාලනය කිරීම සදහා ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වයි.

මෙතෙක් පැවති නීතියට අනුව අවුරුදු 50ත් 60ත් අතර කාලයේදී චීනයේ රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම යාමට අවස්ථාව හිමිව තිබුණි.