උසස් අධ්‍යාපනයට කැනඩාවට ගිය 700ක් පිටමං කරයි

උසස් අධ්‍යාපනයට කැනඩාවට ගිය 700ක් පිටමං කරයි
විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හැදෑරීමට කැනඩාවට ගිය ඉන්දීය සිසුසිසුවියන් 700කට වැඩි පිරිසකට වහාම රටින් පිටවන ලෙස කැනඩාවේ දේශසීමා ආරක්ෂක ඒජන්සිය විසින්  දැනුම් දී තිබේ.
 
මේ සිසුසිසුවියන් පිරිස කැනඩාවේ අධ්‍යාපනික වීසා ලබා ගෙන ඇත්තේ ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් බව තහවුරු වීමෙන් පසු මේ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
 
එම සිසුසිසුවියන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු රැකියා අවසරපත්‍ර ලබා සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

වසර 2018 සිට කැනඩාවට ගිය එම සිසුසිසුවියන්ගේ ලිපිලේඛන ව්‍යාජ බව තහවුරු වී ඇත්තේ ඔවුන් එරට නිත්‍ය පුරවැසිභාවය සඳහා අයැදුම් කිරීමෙන් පසුවය.