පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8කට සිංගප්පූරුවේ දොරටු විවර වෙයි

පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8කට සිංගප්පූරුවේ දොරටු විවර වෙයි
පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8ක සංචාරකයින් සඳහා අද(19) දින සිට සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබාදීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
ඒ අනුව අදාළ සංචාරකයින් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව එරට බලධාරීන් පවසන අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ කැනඩාව ඇතුළු රටවල් අටකට මෙලෙස සිංගප්පූරුවට පැමිණීමට අවසර හිමිවෙනු ඇති .
 
සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් අනතුරුව එරට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණි.
 

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් සඳහා ද රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සිංගප්පූරු බලධාරීන් සඳහන් කළේය.