රුසියාවේ Facebook තහනම් කරයි

රුසියාවේ Facebook තහනම් කරයි
Facebook  සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් රුසියාව තුළ තහනම් කර  තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව RT පුවත් සේවය ඇතුළු එරට ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවිවල ජාත්‍යන්තර ප්‍රවේශය ද අවහිර කර ඇති අතර ටෙලිග්‍රෑම් තහනම් කර, ට්විටර් සීමා කිරීමට ද රුසියාව පියවර ගෙන ඇත.
 
එමෙන්ම පවතින තත්ත්වය මත රුසියාවේ සිය විකාශන කටයුතු අත්හිටුවන බව BBC, CNN සහ Voice of America පුවත් සේවාද පසුගියදා නිවේදනය කර තිබේ.
 

“ව්‍යාජ” පුවත් හිතාමතා පතුරුවා හරින ඕනෑම අයෙකුට වසර 15 ක සිර දඬුවමක් නියම කෙරෙන නව නීතියක් රුසියාව පසුගියදා හඳුන්වා දුනි.