ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකාවට එන අයට දැනුම්දීමක්

ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකාවට එන අයට දැනුම්දීමක්

ජනවාරි මස පළමු දා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශනය කෙරෙන QR කේතය ස්මාර්ට් දුරකථනයට ඇතුළත් කර හෝ එහි මුද්‍රිත පිටපතක් රැගෙන එන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ජයවර්ධන මහතා පැවසුවේ ගුවන් තොටුපළේ මගී තදබදය අවම කිරීම සදහා එය ඉතා වැදගත් බවයි.

“ඒ අනුව ලංකාවට පැමිණෙන සියලුම මගීන් ජනවාරි මාසයේ පළමු වෙනිදාට සිට එම QR කේතය ස්මාර්ට් ෆෝන් එකට දාගෙන හෝ ප්‍රින්ට්අවුට් එකක් රැගෙන ඒම අපි ඔවුන්ට අනිවාර්ය කරන්න කියලා ඉල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ සියලුම මගීන් ඒ සඳහා උදව් කරයි කියලා. කව්රුන් හෝ කෙනෙකුට ඒක කරගන්න බැරි වුණොත් අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන්ට ඒ අදාළ ෆෝම් එක පුරවලා ඒ අදාළ ලියකිවිලි ටික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්නලා යන්න පුළුවන්. නමුත් එමගින් අනවශ්‍ය පෝලිම් ඇතිවෙනවා.”

උපුටා ගැනීම -අරුණ පුවත්