නොවැම්බර් 1 වෙනිදා සිට කටාරයේ අනිවාර්ය දේ මෙන්න!

නොවැම්බර් 1 වෙනිදා සිට කටාරයේ අනිවාර්ය දේ මෙන්න!

සියලුම අමුත්තන්ට 2022 නොවැම්බර් 1 වන දින සිට කටාර් වෙත ඇතුළු වීමට "හයියා කාඩ්පතක්" අවශ්‍ය වනු ඇති බව එරට රාජ්‍ය බලධාරීන් විසින්  තහවුරු කර ඇති තිබෙන බව විදෙස් පුවත් සේවා පසුගියදා වාර්තා කළේය. කෙසේ නමුත් එම වාර්තාවලට අනුව  මෙම අවශ්‍යතාවය කොපමණ කාලයකට ක්‍රියාත්මක වේද යන්න සඳහන් කර නොමැති අතර හයා කාඩ්පතක් 2023 ජනවාරි 23 දක්වා කටාර්හි රැඳී සිටීම සහතික කරන බව සඳහන්.

මෙම කාල සීමාව තුළ පුරවැසියන්ට සහ නිවැසියන්ට සාමාන්‍ය පරිදි පිටවීමට සහ ඇතුළු වීමට නිදහස ඇති බව අල්-කාස් ටීවී හි හයා වේදිකාවේ විධායක අධ්‍යක්ෂ පැවසීය .

කටාර් රාජ්‍යය FIFA ලෝක කුසලානය 2022 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 දක්වා පවත්වනු ලැබේ. අරාබි ලෝකයේ ප්‍රථම වරට පැවැත්වෙන FIFA ලෝක කුසලානය කටාර් වෙත මිලියන 1.7 කට අධික ජනතාවක් රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 "නොවැම්බර් මස ආරම්භයේ සිට, හයා කාඩ්පත රටට ඇතුළු වීමට පූර්ව අවශ්‍යතාවයක් වනු ඇති අතර, එයට අයදුම් කිරීම සඳහා වඩාත් වැදගත් කොන්දේසියක් වන්නේ ලෝක කුසලාන තරඟ සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමයි."