විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක්

විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක්

කොවිඩ් 19 වසංගතය හමුවේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42 ක් සදහා රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේවන විටත් මෙලෙස ලැබුනු මුදල්වලින් රුපියල් කෝටි හතකට අධික මුදල් ප්‍රමාණයක් විදෙස්ගත ලාංකිකයින්ට සහන ලබා දීම හා ඔවුන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර තිබෙන අතරම ඉන් වැඩිම මුදලක් වියදම්කර ඇත්තේ කටාර් හී දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් බවත් සඳහන් වේ. එම මුදල රුපියල් 42,25,000කි.

තවද, මීට අමතරව රුපියල් 40,53,000 ක මුදලක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියදම් කර ඇති අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය රුපියල් 340,000ක මුදලක් ලාංකිකයින් සදහා වෙන් කර තිබෙන බවත් විදේශ අමාත්‍යාංශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම