රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචාකල අයෙක් අත්අඩංගුවේ

රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචාකල අයෙක් අත්අඩංගුවේ
යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු වෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
 
සැකකරුගේ  වංචාවට  පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් හසුව   ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
 
කැනඩාව නෙදර්ලන්තය ස්විස්ටර්ලන්තය ආදී රටවල  රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදල් ප්‍රමාණයන්  පුද්ගලයකු  විසින් ලබාගෙන වසර එකහමාරක් තිස්සේ විවිධ කරුණු කියමින් මග හැර සිටින බවට මිරිහාන  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා හමුවී කරුණු කියා පෑමෙන් අනතුරුව  පැමිණිලි සටහන්කර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය. 
 
ඒ අනුව සැකකරුට විරුද්ධව මිරිහාන මූලස්ථාන පොලිසියට පමණක් පැමිණිලි පහළොවක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
 
ඊට අමතරව සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්  දිවයිනේ පොලිසි රැසකට පැමිණිලි තිහකට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් කියයි.
 

 ඒ් අනුව කෝටි දහයකට අධික මුදල් වංචා වේ    සැකකරු කෝට්ටේ මාදිවෙල නිවසේ සිටින බවට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත