පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බවය.

මෙම මිල සංශෝධනය මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.