පුරවැසිභාවය වෙනුවෙන් කිලෝමීටර් 1000ක් පයින් ගිය ශ්‍රී ලාංකිකයෙක් 

පුරවැසිභාවය වෙනුවෙන් කිලෝමීටර් 1000ක් පයින් ගිය ශ්‍රී ලාංකිකයෙක් 
ඔස්ට්‍රේලියාවේ සරණාගතයෙකු ලෙස ජීවත් වූ ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත නීල් පාරා (Neil Para) නමැති පුද්ගලයාට එරට පුරවැසිභාවය ලබා දී තිබේ. 
 
ඔහු විසින් ආරම්භ කළ කිලෝමීටර් 1000ක පා ගමන අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස පුරවැසිභාවය හිමිකර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
එරට පුරවැසිභාවය ඉල්ලා ඔහු විසින් පසුගිය අගෝස්තු මාස 02 වනදා මෙම ගමන ආරම්භ කළ අතර එය නම් කර තිබුණේ, 'නිදහසේ පා ගමන ලෙසිනි.
 
ඔහු Ballarat නමැති ස්ථානයේ සිට සිඩ්නි නුවර පිහිටා ඇති අග්‍රමාත්‍ය තේරීම් කාර්යාලය (Prime Minister's electoral office) පිහිටා ඇති ස්ථානය දක්වා මෙලෙස පාගමනින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඔහු වසර අටකට ආසන්න කාලයක් වීසා නොමැතිව සිය බිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ එරට තුළ පදිංචි වී සිට ඇති අතර 
මෙරට පැවැති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ නීල් 2008 වසරේ දී මැලේසියාව බලා ගොස් තිබේ. 
 
ඉන් අනතුරුව 2013 වසරේ දී ඔස්ට්‍රේලියාවේ Ballarat නමැති ප්‍රදේශයට ගිය ඔහුට සහ පවුලට තාවකාලික වීසා හිමි වූ බව සඳහන්ය.
 
ඒ අනුව මෙම පවුල වසර නවයකට ආසන්න කාලයක් සිය නිවාස කුලිය ගෙවීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට අන් අයගෙන් උදා ලබා ගෙන ඇත.
 

මෙම ගමන නිම කිරීමට නීල් දෛනිකව කිලෝමීටර් 30 ක් පමණ ගමන් කර ඇති බව සඳහන්ය.