කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියා සිටියි.
මනූෂ නානායක්කර, මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය.