විදෙස්ගතවන ලාංකිකයින්ට සුබ ආරංචියක් -ලක්ෂ 15ක නව රක්ෂණයක්

විදෙස්ගතවන ලාංකිකයින්ට සුබ ආරංචියක් -ලක්ෂ 15ක නව රක්ෂණයක්

විදේශ ගත වන සෑම ශ්‍රී ලාංකිකයකුටම නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව හඳුන්වාදෙන මෙම නව රක්ෂණ ක්‍රමය මගින් වෘත්තිකයන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ට රුපියල් ලක්ෂ 15ක් දක්වා වූ ජීවිත රක්ෂණයක් හිමිවේ.

මීට අමතරව අසනීපයකදී මෙන්ම ආබාධිත තත්ත්වයකට පත්වීමේදී ඇතුළු සියලුම සෞඛ්‍ය අවශ්‍යතාවන්වලදී ද මෙමගින් ආවරණය සැපයෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වාදීම පසුගිය අගෝස්තු 10 වැනිදා විදේශ අමාත්‍යංශයේදී සිදුකෙරිණි. එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට දායක වීම සඳහා විදෙස් ගත වන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ටිකට්පතේ ගාස්තුව සමග එක්වරක් පමණක් ලබාගන්නා රුපියල් 1500ක ගාස්තුවක් පමණක් අයකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම රක්ෂණයට ඇයැදුම් කරන ආකාරය සහ ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නුදුරු සති කිහිපයක් ඇතුළත නිකුත් කෙරෙනු ඇත.