සෞදි අරාබිය රටවල් 16කට සංචාරක තහංචි දමයි

සෞදි අරාබිය රටවල් 16කට සංචාරක තහංචි දමයි

සෞදි අරාබිය විසින් රටවල් 16කර සංචාරක තහංචි පනවා තිබෙන බව විඩෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙලෙස සංචාරක තහංචි පැනවීමට මූලික හේතුව වී ඇත්තේ යලි කොරෝනා වසංගතය මතුවීම සහ පසුගිය සති කිහිපය තුළ දෛනික අසාදිත සංඛ්‍යාව ඉහල යාම හේතුවෙනි.

ඉන්දියාවද ඊට අදාළ වන අතර ආසියාකරයේ එලෙස තහනම් පැනවුණු අනෙක් රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව හා වියට්නාමය ද අදාළ වේ.

තවද සිරියාව, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවල් සහ සෝමාලියාව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවල් කිහිපයක් ද, සෞදි අරාබිය මෙලෙස සංචාර තහනම පැනවූ රටවලට ඇතුලත් ව ඇති බවට වාර්තා වී ඇත.