මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව රට යන්න ගිය 19ක් කොටුවෙයි

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව රට යන්න ගිය 19ක් කොටුවෙයි

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී ඊයේ දිනයේ (09) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතර වෑන් රථයේ රියදුරු සහ සහයක ඇතුළු පිරිමි පුද්ගලයන් 16 ක්, කාන්තාවක්, පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙක් සිටින බවත් නාවික හමුදාව පවසයි.

එම පුද්ගලයන් කිලිනොච්චිය, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව මේ පිළිබඳව වැඩි දුර විමර්ශණ කරන බවත් නාවික හමුදාව කියයි.

image 003eefefd0