නූතන ආසියාව තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ ජාවාරමේ “රං ත්‍රිකෝණය” (Golden Triangle) පිහිටා ඇත්තේ මැලේසියාවට සමීප රාජ්‍යන් 3 ක් කේන්ද්‍ර කරගනිමිනි. ඒ බුරුමය (Myanmar), තායිලන්තය (Thailand) සහ ලාඕසය (Laos) යන රාජ්‍යයන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම හා ජාලගත වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජාලයක් එම කළාපය තුළ ක්‍රියාත්මකව ඇති බව ජාත්‍යන්තරයේ නිරීක්ෂණයයි. මත්ද්‍රව්‍ය ගනුදෙනු හරහා එම කලාපය තුළ වසරකට සංසරණය වන මුදල ඩොලර් මිලියන 45 සිට ඩොලර් මිලියන 90 අතර වන බව ඇස්තමේන්තු ගත කොට තිබේ82.
අතීතයේ බුරුමය ලෙස හැදින්වූ වර්තමාන මියන්මාරයේ නිපැදවෙන මෙතම්ෆෙටමින් (methamphetamine) නම් වූ මත්ද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තරව ඉහළ වෙළදපොළක් සැකසී ඇති බව කියැවෙයි. මියන්මාරයේ ෂාන් (Shan) ප්‍රදේශයේ කැරළිකාර හමුදා සිය සොල්දාදුවන්ගේ නඩත්තුව සහ නවීන අවි ආයුධ සපයා ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය ලෙස භාවිතා කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ වෙළඳාමයි. මියන්මාරය තුළ නිපදවෙන අබිං ආසියානු ශාන්තිකර කලාපයේ පිලිපීනය, ඕස්ට්‍ර්ලියාව සහ නවසීලන්තය ආදී රටවල අඳුරු වීදි තුළ අදත් විකිණෙමින් තිබේ. ලොව බොහෝ රටවල කම්කරුවන් අතර ඉතා ජනප්‍රිය මෙම මත්ද්‍රව්‍යය, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ ජාලය හරහා ලොව පුරා බෙදා හැරෙමින් පවතී.
තායිලන්තය ලොව පුරා ජනප්‍රියව ඇත්තේ ලිංගික වෙළඳපොළ සඳහා ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසය. ලිංගික කර්මාන්තය තුළ තායිලන්තයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා සිදු වූ සමාජීය සහ ආර්ථික ප්‍රවණතා හමුවේ තායිලන්ත ලිංගික වෙළඳපොළ වඩා සංවිධානාත්මක සහ එරට ආර්ථිකයේ ඉතා වැදගත් මූල්‍ය උපායමාර්ගයක් ලෙස වර්ධනය වී ඇති සැටි පෙනේ.
වර්ෂ 2020 වන විට තම ජීවන මාර්ගය ලෙස ගණිකා වෘත්තිය තෝරා ගත් තරුණියන් සහ ගැහැණුන් ලක්ෂ තුනක් තායිලන්තය තුලින් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි84. මෙම ගණිකාවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්, ඒජන්තවරුන් අතර සිදුවන ජාලගත වීfමි ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍ය, අවි ආයුධ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. මිනිස් ජාවාරම මේ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. තායිලන්තයේ වෙසෙන ලිංගික ශ්‍රමිකයන් අතර තායි ජාතික ගැහැනුන්ට අමතරව මියන්මාරය, ලාඕසය, වියට්නාමය ආදී රටවල ගැහැණුන් ද දැකගත හැකිය. මෙම විදේශික ගැහැනුන් හා තරුණියන් බොහෝවිට තායි ලිංගික වෙළඳපොළ තුළට රැගෙන විත් ඇත්තේ සංක්‍රමණික ජාවාරම්කරුවන්ගේ සහ මිනිස් ජාවාරම්කරුවන්ගේ අපරාධ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසය.
වියට්නාමය, චීනය, මියන්මාරය, තායිලන්තය සහ කාම්බෝජියාවට මැදිව පිහිටි ලාඕසය (Laos) එතරම් ජනප්‍රිය රාජ්‍යයක් නොවුවද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී හිමිකරගෙන ඇති නාමය ඉතා ඉහළ එකකි. අබිං නිෂ්පාදනයේදී භාවිතාවන පොපි (Opium poppy) ශාකය වගා කරන රටවල් අතර ඉහළින්ම සිටින ලොව තුන්වන රට වන්නේ ලාඕස් රාජ්‍යයයි. විශේෂයෙන් ලොව පුරා මත් ලෝලීන් අතර ජනප්‍රිය “අයිස්” (crystalline methamphetamine) නමැති මත්ද්‍රව්‍ය ලාඕසය තුළ ඉතා ඉහළ මට්ටමින් නිෂ්පාදනය වන බව ජාත්‍යන්තර ආයතන හඳුනාගෙන ඇත. එරට රජය මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීම් සිදු කරන බවක්ද පෙනෙන්නට නොතිfබි. මත්ද්‍රව්‍යවලට අමතරව එවැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන විධාකාර වූ රසායනික ද්‍රව්‍ය කලාපීය රටවල් අතර බෙදා හැරීමේදී ලාඕසය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා වෙමින් තිබෙන බවද ජාත්‍යන්තර ආයතන පෙන්වා දී තිබේ. 2015 වසරේ සිට 2019 වසර අතර එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව වාර්ෂික මට්ටමින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තුළ දැකගත හැකිය.
ලොව පුරා හෙරොයින් භාවිතා කරන්නන් විසින් වාර්ෂිකව හෙරොයින් මෙටි්‍රක් ටොන් 340ත් 350ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ වූ කාර්යාලය (UNODC) සඳහන් කරයි. මේ අතරින් මෙට්‍ර්ක් ටොන් 50 ක් පමණ මියන්මාරය සහ ලාඕසය රටවල්වලින් වෙළඳපොළට නිකුත් කෙරෙන අතර ඉතිරිය ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරගෙන නිපදවේ. ඇෆ්ගනිස්තානයෙ නිපැදවෙන මත්ද්‍රව්‍ය, පාකිස්තානය ඇතුළු ආශ්‍රිත රටවල් හරහා ලොව වෙනත් ප්‍රදේශ වෙත ජාවාරම් කෙරෙන අතර ගිනිකොනදිග ආසියාවේ නිපැදවෙන මත්ද්‍රව්‍ය දකුණු ආසියාව සහ ගිනිකොනදිග ආසියාව හරහා ආසියානු ශාන්තිකර කලාපයතෙක් ජාවාරම් කරනු ලැබේ. වර්ෂ 2008 දී ලොව පුරා විවිධ රාජ්‍යයන්හි ආරක්ෂක අංශ මගින් අතඩංගුවට ගෙන තිබූ සමස්ත හෙරොයින් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 73.7 ක් ලෙස දැක්වේ. මෙම අතඩංගුවට ගැනීම්වලින් බහුතරය සිදුවී ඇත්තේ මැදපෙරදිග කලාපය සහ නිරිතදිග අප්‍රිකානු කලාපීය රටවල් ආශ්‍රිතවය. වර්ෂ 2007 හා 2008 අතර කාලය තුළ ලොව පුරා මිලියන 16ත් 17ත් අතර පුද්ගලයන් පිරිසක් කොකෙන් භාවිතයට ඇබ්බැහිව සිට තිබේ. මේ අනුව බලන කල මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඉතා සංවිධානාත්මක ලෙස බිලියන ගණනින් මුදල් උපයමින් ජාත්‍යන්තර ජාවාරමක් ලෙස ලොව පුරා පැතිර පවතී 86.
මිනිස් ජාවාරම හා ආශ්‍රිත ක්‍රියාකාරකම් මේ ආකාර වූ විවිධ ජාත්‍යන්තර ජාවාරම් හා සෘජුව හෝ වක්‍රව බැඳී තිබේ. සමස්තයක් වශයෙන් ගත් කල මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව ආදී වූ රාජ්‍යයන් පහිටි ගිනිකොණ දිග ආසියානු කලාපයත් ආසියානු ශාන්තිකර කලාපයත් මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකරගත් ලොව ප්‍රබලතම සංවිධානාත්මක අපරාධ සිදුවන කලාපයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන විසින් හඳුනාගෙන තිබේ. මෙම කලාපය තුළට සංක්‍රමණිකයකු ලෙස ඇතුළු වන්නට ඔබ වෙත කෙනෙකුගෙන් සිදුවන ආරාධනාව, යෝජනාව හා සැලසුම පිළිබඳව ඔබ දෙවරක් සිතා බැලිය යුත්තේ එබැවිනි. මේ මග ඔස්සේ ගොස් ජීවිතය අනවශ්‍ය ලෙස අනතුරේ හෙලාගත් සිය දහස් ගණන් මිනිස්සුන්ගේ ගැහැනුන්ගේ හා දරුවන්ගේ කතාන්දර සොයාගත හැක.
සංචරණය කිරීම, අළුත් ලොවක් සොයා යාම සඳහා සෑම මිනිසෙකුට අයිතියක් ඇති බව අවිවාදිතය. නමුත් සංචරණය සඳහා මිනිසුන් වෙත ඇති නොසිඳෙන බලවත් කැමැත්ත කිසිවිටෙක ජාවාරම්කරුවන්ගේ මනදොල පිරවීම සඳහා යොදා නොගත යුතු බව අවධාරණය කිරීම මෙම ලිපි පෙලෙහි අරමුණයි.
කෙනකු සංක්‍රමණික හෝ මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් වීමට ඇති සෑම අවස්ථාවක්ම වසා දැමීම මිනිස් ප්‍රජාවේ යුතුකමක් වන්නාසේම වගකීමක්ද වේ. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක වන සංවිධාන, රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලිකව පුද්ගලයන් වශයෙන් හා පුරවැසියන් වශයෙන් දැනුවත් වීම මෙන්ම ආශ්‍රිතයන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්ව තිබේ.
(ලබන සතියට - “ප්ලෑන් බී” - අපායේ කතාව -20)
| රසික චන්ද්‍රසේකර
සබැඳි පුවත්
- මැලේසියාවේ ක්‍රියාත්මක සංක්‍රමණික උගුල් (අපායේ කතාව 18)
-
යූ.එන් වීසා සහ මගේ දෙවන පලා ඒම (අපායේ කතාව - 17)
-
විදේශීය සංක්රමණයන් නීති විරෝධී ලෙස මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම - (අපායේ කතාව 16)
-
MH 370 - (අපායේ කතාව 15)
- මැලේසියාවේ මගේ පළමු රැකියාව (අපායේ කතාව 14)
- පර්ලීස් හි මහා මානුෂීය ඛේදවාචකය - (අපායේ කතාව 13)
- මැලේසියාවේදී මුණ ගැසුණු ලාංකික අමුත්තන් සමග වූ මගේ නව ජීවිතය ගැන කියවමු -අපායේ කතාව 12
- මැලේසියාවේ අග මුල - අපායේ කතාව 11
- සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - - අපායේ කතාව- 10
- “මිනිස් ජාවාරම” විද්‍යාත්මක කියවීම" - අපායේ කතාව- 09
- සිංගප්පූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව - 08
- දිළිඳු රටවල ගැහැණුන්, පිරිමින් සහ කුඩා දරුවන් සිංගපූරුව තුළ අළෙවි වන හැටි - (අපායේ කතාව 07)
- ඒ කේතුමතී පුරයේ වත්-පොහොසත්කම් - (අපායේ කතාව 06)
- සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් - (අපායේ කතාව 05)
- සිංගප්පූරූවේ ඉතිහාසය - (අපායේ කතාව 04)
- සුපිරි පුරවරයේ අඳුරු කතාන්දර - සිංගප්පූරු සංචාරයේ මතක - (අපායේ කතාව - 03)
- ගොඩබිම් සේදමාවතෙන් සමුගෙන සමූද්‍රීය සේදමාවතේ යාත්‍රා කළ වහලුන්ගේ කතාව (අපායේ කතාව - 02)
- සේද මාවතේ ඉපැරණි වහල් වෙළදාම